Posts

Showing posts from May, 2020

අපේ පැල තවාන්වල පැල ටිකෙන් ටික ලොකු වෙනහැටි

Image
Life for Rivers වැඩසටහන යටතේ පැල තවාන් කිහිපයක් පිහිටුවන්න හැකි වුනා. සිටුවිමට පැල වවන්න ගමේ අයගේ සහය ලැබෙනවා. ගොඩක් අය කැමතියි ඒ අයගේ ගමේ තවානක් ආරම්භ කරන්න. ඒ උනන්දුව මම ගොඩාක් අගය කරනවා. මම බයෝ සයන්ස් කරන්න පටන්ගත් නිසා එයින් ලැබෙන විද්‍යාත්මක දැනුමත් හරිම ප්‍රයෝජනවත්. හරියටම ප්‍රායෝගික පුහුණුවක් වගෙයි. ග්‍රාමීය ප්‍රජාව වගේම අපේ වයසේ යහළුවන් එක්ක එකතුවෙලයි මේ වගේ තවාන් ඇතිකළේ. දැන් පැල ටිකක් ලොකුයි. ඒ ඒ ප්‍රදේශයට ගැලපෙන ආකාරයට උන්නතාංශය හා ජෛව විවිධත්වයට ගැලපෙන ගස් වර්ග තමයි නිතරම අපි තෝරාගන්නේ. දැනට පැල 20000ක විතර තවාන් කරලා ඉවරයි. ඊළගට තියෙන්නේ සිටුවන කඳු බැවුම් තෝරාගෙන පල සිටුවීමේ වැඩසටහන් පවත්වන එකයි. එක ලොකු වැඩක්. මොනවා කරන්නත්, Covid 19 ව්‍යසනය ඉවරවෙනතෙක් බලා ඉන්න වෙනවා. #River4Life N Vidmanthi Vidanagamage